Action with a heart Headline Animator

Monday, August 23, 2010

ශිෂ්‍යත්ව සිසුන්ට උදව් කළ නිරීක්‌ෂකයෝ තිදෙනා ඉවතට

ඊයේ (22 වැනිදා) පැවැති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන්ට උදව් කළ බව කියන විභාග නිරීක්‌ෂකයන් තිදෙනකු විභාග කොමසාරිස්‌ ජෙනරාල් අනුර එදිරිසිංහ මහතා විසින් එම රාජකාරිවලින් ඉවත් කරන ලදී. දෙමව්පියන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම නිරීක්‌ෂකයන් තිදෙනා ඉවත් කළ බව ඒ මහතා "දිවයින"ට පැවැසීය. මෙලෙස ඉවත්කරන ලද තිදෙනා පානදුර, මොරටුව හා කුරුණෑගල යන ප්‍රදේශයන්හි විභාග මධ්‍යස්‌ථානවල රාජකාරියේ යෙදී සිට ඇත. (Divaina)

No comments: