Action with a heart Headline Animator

Monday, August 23, 2010

ලග්ගල ප්‍රපාතයකට බසය පෙරළී මරණයක්‌

ලග්ගල එලවනාකන්ද ප්‍රපාතයට පෞද්ගලික බස්‌රථයක්‌ පෙරළීයාමෙන් කාන්තාවක්‌ මියගොස්‌ 23 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. සවස සිදුවූ අනතුරින් මොණරාගල, ඇතිලිවැව, වෙරගලයාය පදිංචි මිලිනෝනා ජයවීර මහත්මිය (65) මියගොස්‌ ඇත. බරපතල තුවාල ලැබූ දෙදෙනකු බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත. 05 දෙනෙක්‌ මහියංගනය මහරෝහලේ ද 16 දෙනකු ලග්ගල හෙටිටිපොළ රෝහලේද ප්‍රතිකාර ලබමින් සිටිති. අනතුරට පත් බස්‌රථයේ ගමන්ගත් මොණරාගල ප්‍රදේශයේ පදිංචි කණ්‌ඩායම යාපනය ප්‍රදේශය නරඹා ආපසු එමින් සිටියදී අනතුරට පත්ව ඇත. මාතලේ දෙසට ධාවනය වූ වැලිපැටවූ ලොරියක පිටුපස කොටසේ බස්‌රථය ගැටී ඇත. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි තිලක්‌ අබේසිරිමාන්න මහතාගේ උපදෙස්‌ මත විල්ගමුව පොලිස්‌ථානාධිපති පො. ප. සෙනවිරත්න, උ.පො.ප. චමින්ද යන මහත්වරු පරීක්‍ෂණ පවත්වති. (News-Divaina)

No comments: