Action with a heart Headline Animator

Monday, August 23, 2010

සම්බා වී කිලෝව රු. 20 යි - නාඩු 17 යි

වී මිල පහත වැටීම නිසා පොලොන්නරුවේ ගොවීහු මේ දිනවල අන්ත අසරණ තත්ත්වයකට පත් වී සිටිති. අස්‌වනු නෙළන බොහෝ ගොවි බිම්වල ඊයේ (22 දා) දිනයේ නාඩු වී කිලෝවක මිල රුපියල් 17.00 කි. සම්බා වී කිලෝවක්‌ රුපියල් 20.00 ක්‌ බව දැනගන්නට ලැබිණි. මේ මිල තීරණය කරනු ලබන්නේ වී මෝල් හිමියන් සහ පෞද්ගලික වෙළෙඳුන් බව ගොවීහු කියා සිටියහ.නාඩු වී කිලෝවකට රුපියල් 28.00 ක්‌ සහ සම්බා වී කිලෝවකට රුපියල් 30.00 ක රජයේ සහතික මිලක්‌ නියම කොට ඇතත් රාජ්‍ය අංශයේ වී මිලදී ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක්‌ නැතැයි ගොවීහු චෝදනා කරති.වී අලෙවි මණ්‌ඩලය මේ වන විට දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා ආරම්භ කොට තිබෙන මිලදී ගැනීමේ මධ්‍යස්‌ථාන වලට අමතරව දිස්‌ත්‍රික්‌කයේ විවිධ සේවා සමුපකාර සමිති හරහා හෝ ගම් මට්‌ටමේ මිලදී ගැනීමේ වැඩපිළිවෙළක්‌ දියත් කරන්නැයිද ගොවීහු ඉල්ලා සිටිති.(Divaina)

No comments: