Action with a heart Headline Animator

Tuesday, August 24, 2010

ඩොලර්වලට ඩිනාර්වලට විකිණෙන අපේ ගැහැණු

විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයද සුදු අලියකු ලෙස නිර්වචනය කිරීමට සිදුවීම කනගාටුවට කාරණයක්‌ වුව ද වෙනත් විකල්පයක්‌ නැත. එසේම පළමුව තම පවුල නඩත්තු කිරීම, ගෙයක්‌ දොරක්‌ ඉදිකර ගැනීම දරුවන්ට අධ්‍යාපනයක්‌ ලබාදීමට කාටවත් අත නොපා ජීවත්වීමේ පරමාර්ථයන් පෙරදැරි කරගෙන විදේශගත වන බහුතරයක්‌ කාන්තාවන් අවසානයේ නතරවී ඇත්තේ ඇලුමිනියම් මිනීA පෙට්‌ටියක හෝ අරාබි රෝහලක සදාකාලික අබ්බගාතයකු ලෙසිනි.ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරයේ මුතු ඇටය බව ඉතිහාසයේ සිට වර්තමානයේ පවා ලෝක ජනතාව අතරේ ඉමහත් ප්‍රසිද්ධියකට පත් වූ අති සුන්දර පාරාදීසයක්‌ යෑයි කීවොත් එය බොහෝ දුරට නිවැරැදිය. එවන් අති ප්‍රෙෘඪත්වයකට පත්වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් විරුදාවලිය ලද විදේශිකයන්ගේ අමන්දානන්දයට පත්වූ අති රමණීය වූ සුන්දර වටපිටාවක ආවරණය ලැබූ අපේ මව්බිම මෑත කාලයේදී විශේෂයෙන්ම විවෘත ආර්ථික සමාජයට අනුගත වීමේ ප්‍රතිඵලය ලෙස මැද පෙරදිග රටවල ගෘහ සේවයට අඩුම ශ්‍රම වැටුප් තලයකට ශ්‍රමය ලබාගත හැකි රටවල් අතරින් ශ්‍රී ලංකාවට හිමි වන්නේ ප්‍රථම ස්‌ථානය බව කනගාටුවෙන් වුව සඳහන් කළ යුතුය. එසේ වුවද මැද පෙරදිග අරාබි ජාතිකයන්ගේ නිවෙස්‌වල ගෘහ සේවයේ යෙදෙමින් එයට අමතරව නිවසේ හාම් පුතාගේ නොපනත් පහත් කායික අවශ්‍යතාවන් අකමැත්තෙන් හෝ ඉටු කර ලබා ගන්නා රන් කහවනු අප රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බව පත්වී තිබීම තුළින් අපට සතුටු විය හැකි තත්ත්වයක්‌ ඇති වේවිද යන්න සැක සහිතය.එදා අප රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ, පොල්, රබර් වුවද අද අපේම ලාංකික කාන්තාවන්ගේ පතිවත මැද පෙරදිග අරාබි කාරයන්ගේ පහත් මනදොල සපුරාලන ලාභදායි ශ්‍රම නිෂ්පාදනය කිසිදු ලැඡ්ජාවකින් තොරව මැද පෙරදිග රටවලට ඩොලර්, ඩිනාර් වලට අලෙවි කිරීමට සිදුවීම ප්‍රෙෘඪ ඉතිහාසයක්‌, සංස්‌කෘතියක්‌, සදාචාරයක්‌ ජාතික සිරිත් විරිත් විලිබිය ආරක්‍ෂා කළ කාන්තාවන් ලංකාවේ ඒජන්සිකරුවන්ගේ අතරමැදියන් වෙතින් අරාබි ධන කුවේරයන්ගේ නිවෙස්‌වල දාසියන් බවට අලෙවි කිරීමට විවෘත ආර්ථිකය නිර්මාණය කළ දේශපාලන බලධාරීන් සියල්ලෝම වගකිව යුතුය.1977 න් පසුව මැද පෙරදිග රටවල ගෘහ සේවයේ යෙදීමට මග සකස්‌ කළවුන් කළේ වක්‍රව අරාබි ඩිනාර් ඩොලර්වලට ප්‍රසිද්ධියේ ගණිකාවන් ලෙස අලෙවි කිරීමක්‌ නොවේද? මැද පෙරදිග ජීවත්වන සමහරක්‌ සිංහල කාන්තාවන්ගේ අනාගතය බහුතරයකගේ කන්‍යාභාවය අරාබිකාරයන්ගේ සෙල්ලක්‌කාර ජීවිතය ඉදිරියේ විනාශ වන බව නොතේරීම තුළින් ප්‍රගමනය වනුයේ ජාතියට හෙණ පාත් වුවද විදේශ විනිමය ලැබෙනවා නම් අපේ කාන්තාවන් නොවේ උන්ගේ අම්මලාද රට පටවන්නට පවා විලි ලැඡ්ජාවක්‌ නැති බවය.මේ වන විට විවිධ ජනමාධ්‍ය ඔස්‌සේ විදේශයේ විශේෂයෙන් මැද පෙරදිග රටවල සේවය සඳහා රජයේ අනුමත සහ අනුමත නොවන ආයතන මගින් යවන ලද අපේම සිංහල කතුන් ඒජන්සිකරුවන්ගේ උපක්‍රමවලට අසුවී නොදන්නා රටවල අතරමංව ජීවත්වීමට ක්‍රමයක්‌ නොමැතිව රංචු වශයෙන් එකී නගරවල පාලම් යට ගෙවන ජීවිත පිළිබඳ ප්‍රසිද්ධ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගෙන් අනාවරණය වී තිබීම නොරහසකි. රජයේ බලධාරීන්ගේ ද අවධානය වරින් වර යොමු කරවන විවිධ සංවිධානවල බලවත් ඉල්ලීම මත රජයේ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය බොහෝ විට ඔවුන් මෙරටට ගෙන ඒමට කටයුතු කිරීම ප්‍රශංසනීය කර්තව්‍යයකි.එය එසේ වුවද රන් කහවනු වෙනුවෙන් තම පාරිශුද්ධිය නොදන්නා කාමාතුරයන්ට වරක්‌ දෙවරක්‌ නොව එරට ජීවත්වන තුරුම පිදීමට සිදුවීම කාලකන්නි කමකි. මේ සඳහා වගකිව යුතු කම්කරු අමාත්‍යංශය සමඟ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය තුළින් ඉටුවිය යුතු රාජකාරිය නිසි ලෙස ඉටු නොවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ලාංකික කාන්තා අපයෝජනය හැඳින්විය හැකිය. හතු පිපෙන්නාක්‌ මෙන් බිහිව ඇති විදේශ රැකියා ආයතන මගින් කාන්තාවන් මුලාකර විවිධ සම්ප්‍රපලාප සිහින ඉදිරියේ මවා ඔවුන් සුරංගනා ලෝකවලට දෝලනය කර අත කණ කර උගස්‌ කර ජීවත්වීමට ඇති බිම් අඟල උගස්‌කර දහසකුත් එකක්‌ සිහින පැතුම් පුරවාගෙන මැද පෙරදිග පියාඹන කාන්තාවන්ගෙන් වැඩි දෙනකුගේ ජීවිතය නතර වන්නේ විශාල පාලම් යටය. එසේත් නැතිනම් සෙල්ලක්‌කාර අරාබි හෝ විදේශ ජාතික පිරිමින්ගේ තුරුලේය. එමෙන්ම මැද පෙරදිග ගෘහ සේවයේ නිරත වන බහුතරයක්‌ කාන්තාවන්ට තරුණියන්ට ගෘහයේ හාම්පුතාගේ හෝ පුතාගේ නොහික්‌මුණු කාමුක ආශාවන් පසක්‌ කර ගැනීමේ කෙලි බඩුවක්‌ ලෙස ජීවත්වීමට සිදුවීම සාමාන්‍ය සිදුවීමකි. ඇතැම් විට අරාබිකරුවන්ගේ අවජාතක දරුවන්ද කර පින්නාගෙන මෙරටට පැමිණෙන සිංහල කාන්තාවන්ගෙන්ද අඩුවක්‌ නැති තරම්ය. එසේ සිදුවන විට අපේ බලධාරීන් නිදිය. එසේම එම රටවල තානාපති කාර්යාලවල සේවය කරන උසස්‌ නිලධාරීන්ගේ ද මනදොල සපුරාලීමට කාන්තාවන් සපයන සංවිධාන තිබෙන බව ද රහසක්‌ නොවේ. එසේ උසස්‌ නිලධාරීන්ගේ කායික අවශ්‍යතාවන් ඉටුකරන කාන්තාවන්ට ලැබිය යුතු සියලුම වරප්‍රසාද නොඅඩුව ලැබෙන අතර ප්‍රතික්‍ෂේප කරන්නියන්ට අඳුරු කාමරවල දහ දුක්‌ විඳින්නට ද සිදුවන බව වගකීමෙන් යුතුව සඳහන් කරමි.කිසියම් වැරැද්දක්‌ නිසා එරට අතරමං වන කාන්තාවකගෙන් කවුරුන් හෝ අයුක්‌ති සහගතව තම අපේක්‍ෂාවන් ඉටුකර ගැනීම ලංකාවේ දී නම් සදාචාරයට පටහැනි යෑයි කෑ මොර දෙන බලධාරීන් කිසිවකුගේ සහයක්‌ පිහිටක්‌ නොමැතිව අන්ත අසරණව දුක්‌ විඳින කාන්තාවක තම නොහික්‌මුණු කාමුක ආශාවන් සන්තර්පනය කර ගැනීමට කටයුතු කිරීම සදාචාරයට කිසි සේත් නොගැලිපීමකි යන විශ්වාසය අපි තවමත් රකිමු. වංචනික නීති විරෝධී රැකියා ඒජන්සිකරුවන් රැහැනට ගැට ගැසිය යුතු කාලය එළැඹ ඇති බව ද කිසිදු බලධාරියකුගේ අවධානය මේ වන තුරු යොමු නොවීම තුළින් විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයද සුදු අලියකු ලෙස නිර්වචනය කිරීමට සිදුවීම කනගාටුවට කාරණයක්‌ වුව ද වෙනත් විකල්පයක්‌ නැත .එසේම පළමුව තම පවුල නඩත්තු කිරීම, ගෙයක්‌ දොරක්‌ ඉදිකර ගැනීම දරුවන්ට අධ්‍යාපනයක්‌ ලබාදීමට කාටවත් අත නොපා ජීවත්වීමේ පරමාර්ථයන් පෙරදැරි කරගෙන විදේශගත වන බහුතරයක්‌ කාන්තාවන් අවසානයේ නතරවී ඇත්තේ ඇලුමිනියම් මිනීA පෙට්‌ටියක හෝ අරාබි රෝහලක සදාකාලික අබ්බගාතයකු ලෙසිනි.මෙවන් ආපදාවන්ට ලක්‌වන අපට විදේශ විනිමය ගෙන ඒමට නොදන්නා රටක බැල මෙහෙවර කිරීමට ගිය කාන්තාවකට රජයේ කාන්තා අයිතිය සුරක්‍ෂිත කරවන්නට කෑ මොර දෙන බහුජන සංවිධාන, රක්‍ෂණ ආයතන, විදේශ සේවා නියුක්‌ති කාරයාංශයන්ගෙන් ඇඟට දැනෙන සේවාවක්‌ සිදුවී ඇත්නම් එයද අල්ප වශයෙනි. කවර රක්‍ෂණ ආයතනයක්‌ද අංග විකල ජීවිතයක වටිනාකම තක්‌සේරු කර වන්දි ගෙවා ඇත්තේ යන්නත් ප්‍රශ්නයකි. මෙරට මෙන්ම එරට ද අප කාන්තාවන්ගේ රීරි මාංශ උරා කෑමට හුරු පුරුදු වී සිටිති. මෙරටදී විවිධ සුරංගනා කතාවලින් වංචනිකව රවටා විශාල මුදලක්‌ අය කරගෙන විදේශ රටකදී අතරමං කර පලායන එකියන්ද නැතිවාම නොවේ. එසේ අතරමං වූ කාන්තාවන් ඩිනාර් ඩොලර්වලට අරාබි ජාතිකයන්ට අලෙවි කර තම පසුම්බිය පුරවා ගන්නා එකියන්ද සිටීම ගැන අප පුදුමයට පත්විය යුතු නැත. පුදුම විය යුත්තේ විවිධ වූ අතවරයන්ට ලක්‌ව පිහිට පතා තානාපති කාර්යාලයට පැමිණෙන කාන්තාවන්ට එහි සිටින්නන්ගේද ආශාවන් සපුරාලීමට සිදුවීමය. මේ ලිපිය පළවන විට මැද පෙරදිග රටවල දහස්‌ ගණනාවක්‌ අපේම කාන්තාවන් සිරකාරියන්, අතරමං වූවන්. විවිධ අතවරයන්ට ලක්‌ව ගැබිනියන් බවට පත් වූවන්, සේ සිටින බව රහසක්‌ නොවේ. තම ජීවිතයත්, රටෙත් ආදායම වර්ධනය කර ගැනීම සඳහා දායකත්වය සපයන ෙච්තනාවෙන් විදේශගත කාන්තාවන් මෙරටදීම වංචනිකයන්ගේ වංචාවලට අසුවීම එරටදී අතරමං වීම නිවස තුළදී අරාබි ජාතිකයන්ගෙන් සිදුවන කායික අතවර නිවසේ ගෘහනියගේ කෲර වද හිංසනයන්ට ගොදුරුවීම ආදී කරුණු නිවාසවලින් පැන යැමට සාධකය. එතැනදී එකිනෙකාගේ අතින් අතට පත්වන කාන්තාව අවසානයේදී ගණිකාවක්‌ බවට පත්වීම ඉතාමත් ෙ€දනීය තත්ත්වයකි. මෙම අනුවේදනීය තත්ත්වය වෙනස්‌විය යුතු කාලය එළැඹී ඇත. දුප්පත්කම නිසා මැද පෙරදිග ගියත් ඇයටද වටිනා ආත්ම ගරුත්වයක්‌ ඇති බව අප වටහා ගත යුතුය. එරටදී ඇයගේ ආරක්‍ෂාව පිළිබඳ රජය හා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අනිවාර්යයෙන්ම වගකිව යුතුය.(Divaina)

No comments: