Action with a heart Headline Animator

Tuesday, August 24, 2010

මහනුවර රන්දෝලි මහ පෙරහැර අද

මහනුවර ඓතිහාසික පෙරහැරේ රන්දෝලි මහා පෙරහැර අද (24 දා) රාත්‍රි උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි.විසිතුරු ඇඳුම් ආයිත්තමින් සැරසුණු අලි ඇතුන් නිලමේවරුන් ගමන් කරන පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරන ශ්‍රී දළදා මාලිගාවේ ඇත් රාජා පාවඩ මත උඩු වියන යට ගමන් කරයි. පෙරහැරේ නර්තන කලාකරුවන් හා පහන් ආලෝක ද කොඩි සේසත් ආදිය ද සංඛ්‍යාවෙන් වැඩි වන අතර පෙරහැර ගමන් මඟ ද වඩාත් දීර්ඝ වෙයි.ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් රාත්‍රි 7.56 ට පිටත්වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී. එස්‌. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්‌සේ ගමන් කර ගෙවදියි.චාරිත්‍රානුකූලව පෙරහැර කරඬුව අස්‌ගිරිය ගෙඩිගෙයි විහාරයේ තැන්පත් කිරීම අද මධ්‍යම රාත්‍රියේදී සිදු කෙරෙයි.හෙට (25 දා) අලුයම් වේලේ මහවැලි ගඟේ ගැටඹේ තොටේදී දියකැපුම් මංගල්‍යය සිදුවීමෙන් පසුව දහවල් පෙරහැර හෙට පස්‌වරුවේ මහනුවර වීදි සංචාරය කරයි.දවල් පෙරහැර අවසානයේදී මෙවර ද මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර සාර්ථක ලෙස පැවැත්වූ බව රාජ්‍ය නායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සංදේශයක්‌ මගින් දන්වා සිටීම ට දියවඩන නිලමේ ඇතුළු බස්‌නායක නිලමේවරු මහනුවර ජනාධිපති මන්දිරයට පෙරහැරින් ගමන් කරති.(Divaina)

No comments: