Action with a heart Headline Animator

Tuesday, August 24, 2010

රට පුරා ලියාපදිංචි

නීති විරෝධී ලෙස සකස්‌ කළ හොර ඉඩම් ඔප්පු පනස්‌ දාහකට වැඩි ප්‍රමාණයක්‌ රට පුරා ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලය තුළ ලියාපදිංචි කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (23) "දිවයින" ට පැවසීය.දැනට ඉඩම් ඔප්පු ලියාපදිංචි කරනු ලබන්නේ 1863 අංක 8 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ වන අතර එහිදී සිදුවන්නේ ලේඛනයක්‌ ලියාපදිංචි වීම පමණි. ඒ අනුව ඔප්පුව ගිවිසුම් ලේඛනයක්‌ පමණි. එතුළින් හිමිකම තහවුරු වීමක්‌ සිදු නොවේ. දැනට පවතින ක්‍රමය අනුව එක ඉඩමක්‌a සඳහා ඔප්පු කිහිපයක්‌ ලියාපදිංචි කිරීමේ හැකියාවද ඇත.වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා ඇතැම් පුද්ගලයන් පුද්ගලික ඉඩම්වලට පමණක්‌ නොව රජයේ ඉඩම්වලටද හොර ඔප්පු සකස්‌ කරගෙන තිබෙන බව පැවැසීය. ඉඩම් කට්‌ටිවල මායිම් වෙන්කිරීම සඳහා රජයේ මිනින්දෝරු නිලධාරීන් විසින් දමා ඇති මායිම් ගල් ගලවා වෙනත් තැන්වල සිටුවීමෙන් හෝ හොර ඉඩම් ඔප්පු සකස්‌ කිරීමෙන් ඉඩම්වල අයිතිය ලබා ගත නොහැකි බව සඳහන් කළ ඇමැතිවරයා මෙමගින් සිදුවන්නේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදීම දවසින් දවස කල්යැමක්‌ බව පැවසීය. එම නිසා ඉඩම් මිලදී ගැනීමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.(Divaina)

No comments: