Action with a heart Headline Animator

Friday, August 27, 2010

කිඹුලා සමග පොරබැදූ කාන්තාව දෙදරු පියාගේ ජීවිතය බේරාගනී

හුංගම කිවුල කච්චිගල්ආර ප්‍රදේශයේදී මාළු අල්ලමින් සිටි පුද්ගලයකු කිඹුලකු විසින් ඩැහැගෙන කච්චිගල්ආර ඇළට පැන ඇත. මෙම සිද්ධිය දුටු එම ස්‌ථානයේ පළා නෙළමින් සිටි කාන්තාවක්‌ එම පළා බිම දමා දියට පැන කිඹුලා සමග පොරබදා කිඹුලා ගෙන ගිය පුද්ගලයා නිදහස්‌ කර ගැනීමට සමත් විය.පසුව ඇය විසින් ප්‍රදේශවාසී අයගේ උදව් ඇතිව කිඹුලා කෑ පුද්ගලයා හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර ඇත. කිඹුලා කෑ පුද්ගලයා දැඩි තුවාල සහිතව තිබූ හෙයින් මාතර මහ රෝහල වෙත මාරු කෙරිණි. මෙලෙස කිඹුල් අනතුරට පත් වූයේ හුංගම ගුරුපොකුණේ පදිංචි ජී. එච්. ගාමිණී නමැති පනස්‌දෙහැවිරිදි පුද්ගලයෙකි.කිඹුලා සමග පොරබදා මෙම වීර ක්‍රියාව සිදුකර මිනිස්‌ ජීවිතයක්‌ බේරාගත් කාන්තාව හුංගම කිවුල ප්‍රදේශයේ පදිංචි එල්. වයි. මල්ලිකා නමැති හතළිස්‌ පස්‌ හැවිරිදි කාන්තාවකි. ඇයත් දැනට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.මෙම මිනීමරු කිඹුලා මීට පෙර ද මේ ප්‍රදේශයේ ගවයන්, සුනඛයන් විශාල ප්‍රමාණයක්‌ ගොඩ සිට ඩැහැගෙන ගොස්‌ ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. මේ නිසා මේ මිනීමරු කිඹුලා කච්චිගල්ආර ප්‍රදේශයෙන් ඉවත්කර වෙනත් ප්‍රදේශකට මුදාහරින ලෙස අවට ගොවි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.(Divaina)

No comments: