Action with a heart Headline Animator

Friday, August 27, 2010

රු.5000 ක නව මුදල් නෝට්‌ටුවක්‌

ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් 5000 ක වටිනාකමකින් යුත් නව මුදල් නෝට්‌ටුවක්‌ නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර ඇතැයි "දිවයින"ට වාර්තා වේ.මහ බැංකුවේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කරනු ලබන නව මුදල් නෝට්‌ටු කාණ්‌ඩයේ නෝට්‌ටුවක්‌ වශයෙන් මෙය නිකුත් වනු ඇති බව දැනගන්නට ඇත.ලබන වසර (2011) මුලදී මෙම නව නෝට්‌ටුව නිකුත් වනු ඇති බව ද මෙම නව මුදල් නෝට්‌ටු කාණ්‌ඩය මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සෞභාග්‍යය විදහා දැක්‌වෙනු ඇති බව ද තවදුරටත් වාර්තා වේ.(Divaina)

No comments: