Action with a heart Headline Animator

Sunday, August 22, 2010

ලබන වෙසක් පුර පෝදා සිට 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නම් කිරීමට ජනපති තීරණය කරයි

ලබන වසරේ (2011) වෙසක් පුර පොහෝ දින සිට 2012 වෙසක් පොහෝ දිනය දක්වා “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය” ලෙස නම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කළ බව සම්බුද්ධත්ව ජයන්ති ලේකම් කාර්යාලය පවසයි.
සම්බුද්ධත්ව ජයන්ති ලේකම් කාර්යාලයේ කමිටු ලේකම් කේ. කළුපහන මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ පාලි භාෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවීණ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ අදහස් දක්වා ඇත්තේ (02) සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමිනි. සාකච්ඡාව අරලියගහ මන්දිරයේ පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියෝ ප්‍රමුඛ නායක හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් සහභාගි වූහ.(බුදුසරණ)

No comments: