Action with a heart Headline Animator

Monday, August 30, 2010

සැතපෙන ඉරියව් ඔබට කියන රහස්‌......

බිළිඳු සැතපෙන ඉරියව් (The baby)

දරු ගැබක සිටින බිළිඳෙකු නිදා ගන්නා ලෙස නිදා ගැනීමයි. දෑතම ගෙල යටින් තබාගෙන හෝ කකුල් අතර රඳවා ගෙන කවාකාරව නිදා ගනී. වඩාත් පොදු නිදන ඉරියව්ව මෙයයි. සාමාන්‍ය පෞරුෂත්වයක්‌ හිමි ඕනෑම අයෙක්‌ නිදා ගන්නේ මේ ආකාරයෙනි. වඩාත් සුරක්‌ෂිත සහ පුද්ගල සම්බන්ධතාවයන්ගේ සමබරතාවය රැක ගත් අයවේ.

කාන්තාවක්‌ නම්
නිවසේ දීත් සේවා ස්‌ථානයේදීත් දැඩි ශක්‌තිමත් තැනැත්තියකි. ඕනෑම දුෂ්කර අවස්‌ථාවකදී තමන්ගේ කටයුතු සාර්ථකව නිම කිරීමට තරම් දැඩි අධිෂ්ඨානයක්‌ සහ නොපසුබට උත්සාහයක්‌ ඇත. ආදරයේ දී ඉතා රසවත් තැනැත්තියකි. කෙනෙකු පහසුවෙන් විශ්වාස නොකළත් මිතුරු සමාගමයේදී වඩාත් උණුසුම් සහ සංවේදී අයෙකි. එසේ වුවත් අධික ලැඡ්ජාශීලී ගතියක්‌ද පෙන්වයි. සංවේදී පිරිමි පාර්ශ්වයෙන් ඇප උපකාර ලබා ගැනීමට සමත්ය. ඒවාට ප්‍රිය කරයි. විනීත ශිෂ්ටසම්පන්න භාවය නිහතමානීකම සහ අවංක භාවය ඔවුන් ඉතා ඉහළින් අගය කරති. ඔබ ඡේත්තු කාරයෙක්‌ නම් මෙවැනි කාන්තාවන් පිළිබඳ ව නොසිතුවාට කමක්‌ නැත. ඒ ඔවුන් අලංකාරය සඳහා හෝ විලාසිතා සඳහා වැය කිරීමට ඇත්තේ සීමා සහිත කෙටි කාලයක්‌ බැවිනි.

පිරිමියෙක්‌ නම්
මේ ආකාරයේ නිදන පුද්ගලයා සෑම විට ම වාගේ මවගේ ආදරය රැකවරණය සහ උණුසුම බලාපොරොත්තු වෙයි. ඒ නිසා ම ඔවුන් නිදහසේ නොවැඩෙන අතරම ඔවුන්ගේ ලෝකයේ අම්මා දැවැන්ත චරිතයක්‌ වේ. මෙවන් අයෙකු ඔබ ඇසුරේ සිටී නම් ඔබට මව් කුසෙහි උණුසුමට ආයාචනා කළ හැකිය. ඔහු එය අවස්‌ථානුකූලව ලබා ගන්නා අතරම කලාතුරකින් තමා පිළිබඳව අවිශ්වාස කරයි. කෙසේ වුවත් මොවුහු විශ්වාසදායී ස්‌වාමි පුරුෂයෝ ය.

ප්‍රේමණීය නින්ද (The Romantic)
තමන්ගේ අත් සහ කුස ප්‍රදේශය ඇඳට තද වන සේ යටිකුරුව නිදා ගැනීමයි. හිස වමට හෝ දකුණට හැරී තිබේ. වඩාත් සුව පහසුවෙන් මෙන් ම හොඳ සමබරතාවයෙන් ද පසුවේ. ඔවුන්ගේ මේ නිදන ඉරියව්ව කියා පාන්නේ ඔවුන් සිහින ලෝකයක සැරි සරන බවයි. ඔබ සැලකිල්ලෙන් බලන්නේ නම් ඔවුන්ගේ හදවත ගැහෙන රිද්මය මියුරු ගීතයක්‌ සේ ඔබට ඇසෙයි. මේ අවස්‌ථාවේ ඔවුන්ගේ දෑස මෘදු මන්දස්‌මිතයකින් සැරසී ඇත. ඒ ඔවුන්ගේ විනෝදකාමී බවයි.

කාන්තාවක්‌ නම්
මේ අයුරින් නිදාගන්නා කාන්තාව ආදරයේ දී ප්‍රවේසම් නොවන අයයි. ආදරයේ දී ඔවුන්ගේ අදහස්‌ හා කැමැත්තට ඉඩ නොදෙන්නේ නම් ඔවුන් තම ආදරවන්තයා නිය පිටින් මෙපිටට ඇතුල් කර නොගන්නේ ඊළඟ පුද්ගලයාට අවස්‌ථාව දෙමිනි. වඩාත් ප්‍රායෝගික ලෝකයේ ජීවත් වන මොවුහු පොළොවේ පය ගසා ජීවත් වීමට දනිති. සුවදායක නින්දකට හිමිකම් කියන මොවුන් විවාහයේ දී සිය සැමියා සමග දැඩි ආදරයකින් බැඳේ

අසංවර නින්ද (Wild Thing)
බඳ ප්‍රදේශයෙන් පිටතට නිදහසේ විහිදෙන හෝ පැද්දෙන ලෙස එල්ලා වැටෙන අයුරින් උඩුකුරුව නිදා ගැනීමයි. වඩාත් නිදහස්‌ ජීවිතයක්‌ බව විස්‌තර කරයි. ඔවුන් කිසි විටක සිය පවුලේ ආචාර සම්පන්න නීති රීතින් හෝ ගුණ ධර්මයන් පිළිවෙලින් පිළිගන්නා අය නොවේ. ඒවා ගැන කිසිදු තැකීමක්‌ නොකරන අතරම සමාජීය සාර ධර්මයන්ද නොසලකා හරිති. නමුත් ඔවුන් විස්‌මිත දේ කිරීමෙන් විස්‌මිත වස්‌තූන් හෝ නිර්මාණ සොයා ගැනීමේත් සූරයෝ ය. ඒවා සම්බන්ධයෙන් උනන්දුවක්‌ හා සිතේ ධෛර්ය ඇත්තෝ ය. සිහින්, සිනිදු සමකට හිමිකම් කියති. කිසිදු විටෙක විවේචනයට හෝ ගුණ දොස්‌ සොයනවාට කැමති නැත.

කාන්තාවක්‌ නම්
තමන්ගේ කැමැත්තට අනුව කටයුතු සිදු වෙයි නම් හෝ අපේක්‌ෂාවන් ඉටු වන්නේ නම් තමන් සතු සියළු දේ අත්හැරීමට වත් පසුබට නොවෙති. කාලය සහ ධනය ඇත්නම් ඔවුන් වටා හොඳ මිතුරු මිතුරියන් පිරිසක්‌ ද සිටී. බොහෝ පිරිමින් මේ කාන්තාවන් හා විවාහ වීමට කැමති වන්නේ ආදරයේ දී සහ ජීවිතයේ දී අවට ලෝකයේ අවධානය ගැන නොසලකා හරින බැවිනි.

පිරිමියෙකු නම්
රහසිගත ජීවිතයක්‌ තිබෙන මොවුන් ඒවා හෙළි වන්නේ නම් එතැනින් ඉවත්ව ඔවුන්ගේම ලෝකයක තමන්ගේ ම කටයුතු බලා ගනිමින් ජීවත් වන්නෝය. ලෝකය වටා යාත්‍රා කිරීම එවරස්‌ට්‌ කඳු මුදුනට නැගීම ප්‍රියතම නාලිකාවක රඟ පෑම වැනි වීර කියා පිළිබඳ ව සිහින දකිති. මෙවැනි දේ තුළිsන් සහ ඇවිදිමෙන් විනෝදාස්‌වාදය ලබන ඔවුන්ගේ සිතැගි වටහා ගත හැකි කාන්තාවන්ට ගරු කරයි. මේ ආකාරයේ පුද්ගලයන්ට සිටින්නේ පුදුම සහගත විශ්මය උපදවන සුළු මිතුරන් ය.

සෘජු නින්ද (The Straight jacket)
දෑත් බඳ දෙපසින් සිරුර දිගේ පහතට සමාන්තරව දමා ගෙන නිදා ගැනීමයි. දෙපා ද දිගු කර පතුළින් එකට එක්‌ වී තිබේ. මේ ආකාරයෙන් නිදා ගන්නෝ තමන් තුළටම නැඹුරු වූ අය වෙති. තමා විසින්ම පිළියෙල කර ගත් හෝ සමාජයේ දැනට පවතින නීති රීති සම්ප්‍රදායන් ආදී ප්‍රතිපත්ති රාශියකින් බැඳී සිටින අයයි. ඉතා දැඩි ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෝ වෙති. හදවත තුළින්ම බැස ගත් තීරණ හා ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම නිසා සිතට නිදහස්‌ සහනයක්‌ දැනෙන්නේම නැති තරම්ය. සම්ප්‍රදාය ආගම සහ සංස්‌කෘතික ජීවිතයටම බැඳී තිබෙන්නකි. වැඩි වශයෙන් නිශ්ශබ්ද ඔවුන් පිළිබඳව අනෙක්‌ අයට දැනෙන්නේ ජීවිතාවබෝධය ඉහළින්ම ලබා ගත් ශික්‌ෂාකාමි පුද්ගලයන් බවයි.

කාන්තාවක්‌ නම්
අන් අය හා ඇසුරේ දි ඉතා විනීතය. ඒ වගේම තම ඉරියව් ඉතා නිවැරදි ව පවත්වා ගනී. සාමාන්‍යයෙන් මෙවැනි කාන්තාවන් ත්‍රාසජනක ක්‍රියාවන් කිරීමේ සමත් පුරුෂයින් හෝ වැඩි ධන සම්පත් හිමි පුරුෂයන් සමඟ විවාහ වීමට හෝ ඇසුරු කිරීමට කැමැත්තක්‌ නැත. තමා සඟවා ගැනීමට වෑයම් කරන තැති ගැනීම් බියට පත්වීම් සහ කම්පනයට පත්වීම් වැනි අවස්‌ථාවලදී තමාගේ කඳුළු පිසලන ශක්‌තිමත් රැකවරණයක්‌ ඔවුන් තම සහකරුවාගෙන් අපේක්‌ෂා කරති. වැඩි වශයෙන් ඔවුන්ට හිමි වන්නේ තම පියාගේ ගති ස්‌වභාවයන් සහ ගුණාංගයන්ට සමානකමක්‌ ඇති ස්‌වාමි පුරුෂයෝය.

ඔවුන්ගේ ජීවිතයේ ස්‌වාමි පුරුෂයා යනු තමාටම හිමි සම්පතක්‌ පමණි. මේ නිසාම ඔබට සැහැල්ලුවෙන් සිටීමේ ක්‍රම පිළිබඳ ව ඉගෙනීමට සිදු වෙයි. නැතිනම් ඔබට සිදු වන්නේ පීඩාවට පත්වීමටය.

පිරිමියෙකු නම්
යුද හමුදා රෙජිමේන්තුවක පවතින දැඩි විනය නීති යටතේ හෝ දැඩි විනය ගරුක ආචාර සම්පන්න පුද්ගලික පාසලක පවතින විනය රීතින් යටතේ චරිතය හැඩගස්‌වා ගත් පුද්ගලයෙකි. යම් කිසි අණකට හෝ විධානයකට සරිලන සේ සකස්‌ කර ගත් හැසිරීම් රටාවක්‌ ඇත. ඒවා සම්ප්‍රදායට හෝ ආචාර ධර්මවලට අනුගත වූ නීතිරීතින් විය හැකිය. ඔවුන් විශ්වාස කරන්නේ ඒවායින් ජීවත් වීම වඩාත් පහසු කරවන බවයි. මෙවැන්නෙක්‌ සිටින නිවසක ජීවත් වන අයෙකුට කසළ තැන තැන දැමීමට හෝ බඩු බාහිරාදිය තැන් තැන්වල තැබීමට නොහැකි වනු ඇත. කෑම මේසයේදී වුව හඬ නගා සිනා සීම වැනි දේ කළ නොහැකි වනු ඇත. ඒ ඔවුන් නියමිත පිළිවෙල හා ආචාර ධර්ම ඉතා හොඳින් අගය කරන නිසාය. මෙවැනි පුද්ගලයන්ගේ හැසිරීම් රටාව ඔබ ටික කාලයක්‌ අවධානයෙන් සහ සැලකිල්ලෙන් සොයා බලන්නේ නම් ඔවුන්ට සමාජයෙන් ලැබෙන ගරු සත්කාර පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවේ. ඒ වගේම ඔවුන්ගෙන් අපේක්‌ෂා කළ යුත්තේ කුමක්‌දැයි ඔබට පහසුවෙන් වටහා ගත හැකි වේ. නිවසේ පවතින ආරක්‌ෂාව සහ රැකවරණයට කැමති ඔවුන් මෘදු ආදරණීය කලාත්මක දෙයට පමණක්‌ ඇලුම් කරති. කෙසේ වෙතත් කලහකාරී මුරණ්‌ඩු කාන්තාවෝ ඔවුන් පිළිකුලෙන් යුතුව බැහැර කරති.

අවිශ්වාසදායි නින්ද (The Seducer)

එක්‌ පැත්තකට හැරී ඉදිරියෙන් දෑතම කොට්‌ටය මත තබා නිදා ගැනීමයි. සමහර අවස්‌ථාවල දී මේ අයුරින් සැතපෙන්නේ මුහුණ ද කොට්‌ටය මත තබා ගන්නේ ඉදිරියට හෝ උඩට හරවමිනි. මේ සැතපෙන ඉරියව්ව තමා ගැනම වූ අවිශ්වාසදායී සහ අවිනිශ්චිත භාවය විදහා දක්‌වයි.

කාන්තාවක්‌ නම්

කිඳුරංගනාවියක්‌ වන් මේ කාන්තාවන්ට මිහිරි හඬින් ගී ගැයීමටත් මන බඳනා ආකර්ශනීය භාවයකටත් හැකියාව ඇත. අන් අයගේ සිතුම් පැතුම් වටහා ගැනීමේ සියුම් ඉවක්‌ ඇති මොවුන් අනවශ්‍ය අවස්‌ථාවලදී පැමිණෙන අනවශ්‍ය උත්තේජනයන්ගෙන් කළබලකාරී වෙති. ඇයව වටහා ගත හැකි පුද්ගලයෙකුට නම් ඉතා පහසුවෙන් තමන්ගේ කැමැත්තට නැඹුරු කරගත හැකිය. ඔවුන් ගේ සිතට ඇල්මක්‌ හෝ ආශාවක්‌ ඇතිවන කුමන කරුණක්‌ සම්බන්ධයෙන් හෝ ලුහු බැඳ යාම ඔවුන්ගේ ගතියයි. මෙවැනි ගති ඇති පුරුෂයන් කෙරෙහි මෙවැනි කාන්තාවන් දක්‌වන්නේ අඩු අවධානයකි. ඒ එවන් පුරුෂයන් ආදරයේදී ඉතා පහසුවෙන් විශ්වාසය කඩ කරතැයි ඔවුන් සිතන නිසාය.(News- Nawaliya)

No comments: