Action with a heart Headline Animator

Thursday, August 26, 2010

චීන දෙවැන්නෝද කාටත් නොදෙවෙනි වෙති

වත්මන් යෞවනය ඔලිම්පික්‌ ක්‍ෂේත්‍රයට ඔලිම්පික්‌ මට්‌ටමින්ම සූදානම් කිරීමේ අරමුණින් ජගත් ඔලිම්පික්‌ කමිටුව විසින් අභිනවයෙන් හඳුන්වාදෙන ලද යොවුන් ඔලිම්පික්‌ තරගාවලියේ මංගල පියවර සිංගප්පූරුවේ මරීනා බේ හි පාවෙන වේදිකාවක්‌ මත අද පවත්වන සමාප්ත සමාචාරයේදී සාම්ප්‍රදායික ඔලිම්පික්‌ පහන නිවා දැමීමෙන් පසු ඔලිම්පික්‌ ඉතිහාසයේ පවත්වන ලද පළමු ඔලිම්පික්‌ තරගාවලිය වශයෙන් ඉතිහාසයට එක්‌වෙයි.ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවට අනුබද්ධිත රටවල් 204 ක සහභාගිත්වයෙන් පුරා දින 12 ක්‌ පවත්වන ලද මෙම ඓතිහාසික අවස්‌ථාවට ශ්‍රී ලංකාවෙන්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙක්‌ ඇතුලුව 3600 දෙනෙක්‌ සහභාගි වූහ.මෙවැනි තරගාවලියක්‌ අවසානයේ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ දේශය කුමක්‌දැයි තීරණය කිරීම සඳහා රටක්‌ විසින් දිනා ගන්නා ලද රන් පදක්‌කම් සංඛ්‍යාව ගණනය කරන ලැබූවද යොවුන් ඔලිම්පික්‌ තරගාවලියකදී එවැන්න කට ප්‍රමුඛත්වයක්‌ නොදීම විශේෂ සිද්ධියකි. ඒ අනුව ජගත් ඔලිම්පික්‌ කමිටුව හෝ තරග සංවිධායක කමිටුව තරගාවලියේ පදක්‌කම් සටනක්‌ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු නොලබයි.එහෙත් එම මංගල යොවුන් ඔලිම්පික්‌ තරගාවලියේ වාර්තා අනුව ඊයේ දිනයේ තරග අවසන් වන විට චීනය රන් පදක්‌කම් 29 ක්‌, රිදී 16 ක්‌ සහ ලෝකඩ 5ක්‌ වශයෙන් පදක්‌කම් 50 ක්‌ද රුසියාව 16-13-10 වශයෙන් 39 ක්‌ද සහ දකුණු කොරියාව 10-2-4 වශයෙන් 16 ක්‌ දිනා පිළිවෙළින් පළමු දෙවැනි සහ තුන්වන ස්‌ථානවලට පත්ව සිටියහ.වසර 2008 බෙයිජිං ඔලිම්පික්‌ තරගාවලියේ සමස්‌ත ශූරතාව දිනා ගන්නා ලද්දේ චීනය විසිනි. මේ අතර ජයග්‍රහණයට වඩා සහභාගිත්වය උතුම් නම්වූ ඔලිම්පික්‌ සංකල්පය යටතේ එසේ තරග වැදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් තම රටවල් වලට වැදගත් වූ සිද්ධීන් කිහිපයක්‌ද වාර්තා කළහ.ඔවුන් අතරින් ජපානයේ තුන්ප්‍රයාම ක්‍රීඩිකා 18 හැවිරිදි යුකා සාටෝට ප්‍රමුඛත්වය හිමිවේ. තරගාවලියේ දෙවැනි දිනය වූ අගෝස්‌තු 15 වැනිදා ඇය විසින් දිනා ගන්නා ලද තුන් ප්‍රයාම රන් පදක්‌කම මංගල යොවුන් ඔලිම්පික්‌ තරගාවලියේ මංගල රන් පදක්‌කම වශයෙන් ඉතිහාසයට එක්‌වෙයි.තරග සංවිධායක සිංගප්පූරුවට පළමු පදක්‌කම (18 දා) දිනා දෙන ලද්දේ කාන්තා ටයික්‌වොන්දොa කි.ග්‍රෑම් 65 බර පන්තියේ තරග කළ ඩැරිල් ටෑන්ග් විසිනි. ඩැරිල් මියන්මාරයේ ශිං නයින් ඩූ 6-5 වශයෙන් පරදා අදාළ ලෝකඩ පදක්‌කම දිනා ගත් අතර සිංගප්පූරුව මෙතෙක්‌ දිනා ඇති ඉහළම පදක්‌කම රිදී පදක්‌කම් 2 ක්‌ වේ. එම පදක්‌කම් දෙක එදින පිරිමි මීටර 50 පසුපස ආර ඉසව්වේ දෙවැනි තැන දිනූ රේන න්ග් සහ 23 වැනිදා ක්‍රියාත්මක කරන ලද කාන්තා මේස පන්දු ඉසව්වේ දෙවැනි තැන දිනූ ඉසබෙල් ලින් ගෙනි. මෙම තරගාවලියේ තවත් විශේෂයක්‌ වූයේ අදාළ ඉසව්වල පරාජිතයන්ටද අවසන් මහ තරගයක ලීලාවෙන්ම යළි තරගයක්‌ පැවැත්වීමයි. එවැනි අවස්‌ථාවකදී උපරිම ප්‍රතිඵල නෙලා ගත් ශ්‍රී ලංකාවේ ඉඳුනිල් හේරත් මීටර 1000 ඉසව්වේදී සිය උපරිම දක්‍ෂතාව වන විනාඩි. 2(38(19 තේරීම් තරගයේදී 2(30(83 ලෙසද දෙවනුව පවත්වන ලද පරාජිතයන්ගේ තරගයේදී (බී ෆයිනල්) 2(28(6 වශයෙන් දියුණු කිරීමට සමත්වූ අතර කණ්‌ඩායම් නායක හේෂාන්න උනම්බෝව මීටර 50 පසුපස ආර තරගයේදී තත්පර 27.70 ක කාලයක්‌ වාර්තා කරමින් ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාව 27.81 අභිබවා යැමට සමත්විය.විවිධ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් කණ්‌ඩායම් අතර තරග පැවැත්වීමද ජනප්‍රියත්වයට පත්විය. එසේ ක්‍රියාත්මක කරන ලද කඩු හරඹ තරගාවලියේදී ප්‍රථම ස්‌ථානය යුරෝපය තෝරා ගන්නා ලද රුසියාව සහ ඉතාලිය මිශ්‍ර කණ්‌ඩායමට හිමිවිය.එම සංකල්පය යටතේම ක්‍රියාත්මක කරන ලද මීටර 1000 සහය දිවීමේ ඉසව් දෙකේදීම ඇමරිකා කණ්‌ඩායම් ජයග්‍රහණය කරන ලදී.
මීටර 1000 සහය දිවීමේදී පළමු ක්‍රීඩකයා මීටර 400 ක්‌ද දෙවැන්නා 300 ක්‌ද තුන්වැන්නා 200 ක්‌ද සහ සිව්වැන්නා 100 ක්‌ද දිවිය යුතු වේ. එම ඉසව්වේ කාන්තා ශූරතාව විනාඩි 2(05(62 සහ පිරිමි ශූරතාව 1(51(38 කින්ද නිම කරන ලදී. එහි කාන්තා දෙවැනි ස්‌ථානය අප්‍රිකාවටද (2(06(19) තුන්වැනි ස්‌ථානය යුරෝපයටද(2(07(59) හිමි විය. එම පිරිමි දෙවැනි ස්‌ථානය යුරෝප යටද(1(52(11) සහ තුන්වන ස්‌ථානය ශාන්තිකර කළාපයටද හිමිවිය.පවත්වන ලද පැසිපන්දු තරගාවලියද නව ආරකින් යුතු විය. එම තරගයක්‌ සඳහා එක්‌ කණ්‌ඩායමකට තිදෙනක්‌ පමණක්‌ සහභාගි වන අතර තරගය පවත්වනු ලබන්නේ පිටියේ අඩ කොටසකදීය.අදාළ පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව ක්‍රොඒෂියාව 13-03 සහ 22-09 වශයෙන් පරාජය කළ සර්බියාවටද ඔස්‌ටේ්‍රලියාව 20-09 සහ 33-09 වශයෙන් පරාජය කළ චීනයට හිමිවිය.(Divaina)

No comments: