Action with a heart Headline Animator
Thursday, August 26, 2010
විධායක ජනපති ක්‍රමය අහෝසි නොකරනවා නම් ව්‍යවස්‌ථා සංශෝධනයට එජාප සහායක් නෑ
නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනවා නම් ඊට කිසි ලෙසකින්වත් සහයෝගය නොදීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ විධායක බලැති අගමැති ක්‍රමයක් ඇතිකිරීම සම්බන්ධව ආණ්‌ඩුව මෙතෙක් සිය ස්‌ථාවරය පැහැදිලිව ඉදිරිපත් කර නැති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (25) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.මේ අනුව ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව මින් ඉදිරියට ආණ්‌ඩුව සමඟ සාකච්ඡාවලට සහභාගි වන්නේ එම සංශෝධනය පිළිබඳව ආණ්‌ඩුවේ ස්‌ථාවරය ලිතව ලබා ගැනීමෙන් පසුව බව හෙතෙම කීය.මේ සම්බන්ධව ආණ්‌ඩුවේ ස්‌ථාවරය සතියක් ඇතුළත ලබාදෙන බවට පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී එකඟ වූ බව ද අත්තනායක මහතා අනාවරණය කළේය. එසේ ලබාදීමෙන් පසු එජාපය අපේක්‌ෂා කරන කරුණු කාරණා නොමැති නම් ඒ පිළිබඳව සංශෝධන හා පක්‍ෂයේ ස්‌ථාවරය ආණ්‌ඩුවට දැනුම් දෙන බව ද අත්තනායක මහතා කීය.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට කතරගමදී පැවැති එ. ජා. ප. මහා සම්මේලනයේදී ඒකමතික තීරණයක් ගත් බවත් ඊට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 දීත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේදීත් ජනතාවට පොරොන්දු වී ඇති බවත් හෙතෙම සිහිපත් කළේය.ජනතාවට ලබාදී තිබෙන මෙම පොරොන්දු ඉටුකර දෙමින්a රටට උචිත ජනතාවාදී ව්‍යවස්‌ථා සංශෝධනයක් සැකසීම අරමුණු කර ගෙන ආණ්‌ඩුව සමඟ එක්‌සත් ජාතික පක්‍ෂය සාකච්ඡා කළ බවත් ඒ සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ආණ්‌ඩුවේ අවංකත්වය මත තීරණය කරනු ඇති බවත් මහ ලේකම්වරයා අවධාරණය කළේය.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ එක්‌සත් ජාතික පක්‍ෂය අතර මෙතෙක් පැවැති සාකච්ඡාවලදී ස්‌වාධීන කොමිෂන් සභා ක්‍රියාවට නැංවීම හා පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙන බව කීය.ඒ අනුව පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධව ලබන සතියේ නියෝජිතයන් අතර පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණිය හැකි බව තිස්‌ස අත්තනායක මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.(Divaina)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment