දළදා පූජෝත්සවය වෙනුවෙන් මහනුවරට පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්‌ෂ හා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න යන මහත්වරු පෙරේදා (24 දා) රාත්‍රි මහනුවර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතාගේ ගම්පොල නිවසට පැමිණ විශේෂ සාකච්ඡාවක නිරත වූහ.අනතුරුව කාදර් මන්ත්‍රීවරයා සමග ඒ මහතාගේ නිවස අසල පල්ලිය වෙත ගිය ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාමලාන් උපවාසය අත්හැරීමට සූදානම්ව සිටි බැතිමතුන්ද මුණගැසී ඔවුන්ට සිය ප්‍රණාමය පුද කළහ.පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ, මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පොලිස්‌පති මහින්ද බාලසූරිය යන මහත්වරුද මෙම කටයුතු සඳහා සහභාගි වූහ.අබ්දුල් කාදර් මන්ත්‍රීවරයා රජයට සහය පළ කරමින් කටයුතු කරමින් සිටින මේ අවස්‌ථාවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඒ මහතාගේ නිවසට පැමිණි පළමු අවස්‌ථාව මෙය වේ.මෙය ගම්පොළ ප්‍රදේශයේ දේශපාලන පෙරළියක පෙරනිමිති බව පවසන ප්‍රදේශවාසීහු දැනට ගම්පොල නගර සභාවේ සිටින එ.ජා.ප. මන්ත්‍රීවරුන් හතර දෙනකුද මෙම අවස්‌ථාවට සහභාගි වී සිටීම පිළිබඳව ද කතා බහ කළහ.(Divaina)Action with a heart Headline Animator
Thursday, August 26, 2010
ජනපති කාදර්ගේ නිවසට ගොස් විශේෂ සාකච්ඡාවක නිරත වෙයි
දළදා පූජෝත්සවය වෙනුවෙන් මහනුවරට පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්‌ෂ හා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න යන මහත්වරු පෙරේදා (24 දා) රාත්‍රි මහනුවර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතාගේ ගම්පොල නිවසට පැමිණ විශේෂ සාකච්ඡාවක නිරත වූහ.අනතුරුව කාදර් මන්ත්‍රීවරයා සමග ඒ මහතාගේ නිවස අසල පල්ලිය වෙත ගිය ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාමලාන් උපවාසය අත්හැරීමට සූදානම්ව සිටි බැතිමතුන්ද මුණගැසී ඔවුන්ට සිය ප්‍රණාමය පුද කළහ.පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ, මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පොලිස්‌පති මහින්ද බාලසූරිය යන මහත්වරුද මෙම කටයුතු සඳහා සහභාගි වූහ.අබ්දුල් කාදර් මන්ත්‍රීවරයා රජයට සහය පළ කරමින් කටයුතු කරමින් සිටින මේ අවස්‌ථාවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඒ මහතාගේ නිවසට පැමිණි පළමු අවස්‌ථාව මෙය වේ.මෙය ගම්පොළ ප්‍රදේශයේ දේශපාලන පෙරළියක පෙරනිමිති බව පවසන ප්‍රදේශවාසීහු දැනට ගම්පොල නගර සභාවේ සිටින එ.ජා.ප. මන්ත්‍රීවරුන් හතර දෙනකුද මෙම අවස්‌ථාවට සහභාගි වී සිටීම පිළිබඳව ද කතා බහ කළහ.(Divaina)
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment