Action with a heart Headline Animator

Saturday, August 28, 2010

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තැපැල් මූලස්‌ථානයේ සංචාරක හෝටලයක්‌

ඩී. ආර්. විඡේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්‌ථාන ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිලිවලින් කොටසක්‌ එම ස්‌ථානයෙන් ඉවත් කර සංචාරක හෝටලයක්‌ ඉදිකිරීමට රජය සැලසුම් කර ඇතැයි තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Kindle 3G Wireless Reading Device, Free 3G + Wi-Fi, 6" Display, Graphite, 3G Works Globally - Latest Generation


බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම හෝටලය සහ සංචාරක කලාපය ඉදිකරන බවද මේ නිසා තැපැල් මූලස්‌ථානය සහ ඒ අවට අලුතින් කිසිදු ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම රජය තහනම් කර ඇති බව ද වාර්තා වේ.



යෝජිත නව සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමෙන් පසු තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය බත්තරමුල්ල ප්‍රදේශය වෙත රැගෙන යැමට නියමිතය. තැපැල් මූලස්‌ථාන ගොඩනැඟිල්ල වෙත තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය රැගෙන යැමට පෙර එය පවත්වාගෙන යනු ලැබුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථාන ගොඩනැඟිල්ලේය.

No comments: