සැත්කමට පැය 3 කට වැඩි කාලයක්
වෛද්‍යවරු 5 දෙනෙක් සැත්කමට එක්‌වෙති
සෞදි අරාබියේ සේවයේ යෙදී සිටියදී සිරුරට ඇණ ගැසීමෙන් පසු යළි දිවයිනට පැමිණ කඹුරුපිටිය ආඳපාන රෝහලට ඇතුළු වූ එල්. පී. ආරියවතී මහත්මියගේ සිරුරේ ඇණ සහ කම්බි කැබැලි ඊයේ (27 වැනිදා) උදේ පැය තුනකට වැඩි කාලයක් කළ සැත්කමකින් පසු ඉවත් කරන ලදී.
එම සැත්කමට එක්‌වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලය ඡායාරූපයේ දැක්‌වේ.
ආඳපාන රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කමල් වීරතුංග මහතා ඇතුළු කාර්ය මණ්‌ඩලය මෙම සැත්කම සඳහා සහභාගි වූ අතර ඇගේ සිරුරේ තිබූ ඇණ 13 ක් සහ කම්බි කැබැලි 04 ක් මේ වන විටත් ඉවත් කර ඇත.
මෙම සැත්කම සඳහා වෛද්‍යවරු පමණක් පස් දෙනෙක් සහභාගි වී සිටියහ. සැත්කමින් පසු ආරියවතී මහත්මිය ගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බවත් ඇය හොඳ තත්ත්වයෙන් පසුවන බවත් වෛද්‍යවරු පවසති.
ඇගේ සිරුරේ තවත් ඇණ සහ කම්බි කැබලි කීපයක් ඇති නමුත් ඒවා ඉවත් කිරීම අත්‍යවශ්‍ය නොවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. (Divaina)
Action with a heart Headline Animator
Saturday, August 28, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment