
ලෝක උරුමයක් වූ හෝටන්තැන්න ජාතික වන උද්‍යානයේ තවත් ජාන මංකොල්ලයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.පෙරේදා (23 දා) සවස හෝටන්තැන්න ජාතික වන උද්‍යානයේ සැකකටයුතු ලෙස හැසිරුනු විදේශ යුවලක් පිළිබඳ සැකසිතී පරීක්‍ෂා කිරීමේදී මොවුන් ශ්‍රී ලංකාවට ආවේනික හා ආවේනික නොවන කෘමීන් එක් රැස්‌කරන බවට හෙළිවී ඇත.ජෑන් පිරේ (25) මොනිකා මෙලොකොවා (23) නමැති චෙක් ජාතික මෙම යුවල පරීක්‍ෂා කිරීමේදී, ශ්‍රී ලංකාවට ආවේනික නොවන කෘමි සත්ව නිදර්ශක, ඒවා එක්‌රැස් කිරීමට යොදාගන්නා උපකරණ රසායන ද්‍රව්‍ය, අතංගු ලීකූඩු අත්අඩංගුවට ගෙන තිබේ.මොවුන් මතුගම හා යාල යන ප්‍රදේශ වලින්ද කුඩා කෘමීන් එක්‌රැස්‌කරගෙන තිබූ අතර එම කෘමීන් නිර්වින්දනය කර ගෙනයැමට සකස්‌කර තිබී ඇත.මෙම චෙක් ජාතික විදේශීය යුවල හෝටන්තැන්න ජාතික වනඋද්‍යානයට මායිම්ව අටවා තිබූ කූඩාරමක්‌ද සොයා ගැනීමට හෝටන්තැන්න ජාතික වන උද්‍යානයේ නිලධාරීන්ට හැකිවී ඇත.චෙක් රාජ්‍යයේ විශ්වවිද්‍යාලයක සිසුන් බවට මොවුන් අනාවරණ කොට ඇති අතර ලබන 02 දා ශ්‍රී ලංකාවෙන් බැහැරවීමට සූදානම්ව සිට ඇත.හෝටන්තැන්න ජාතික වන උද්‍යානයට ආවේනික කෘමි විශේෂ හයක් හා ඉන් බැහැරව ගෙන ආ ආවේනික නොවන කෘමි විශේෂ පහක් මොවුන් සන්තකව තිබී සොයාගෙන ඇත.හෝටන් තැන්න ජාතික වන උද්‍යානය කලාපයේ නීති විරෝධී ලෙස කෘමි සතුන් එක් රැස්‌කිරීම රක්‍ෂිතයෙන් බැහැර ප්‍රදේශයකින් ශ්‍රී ලංකාවේ දැඩි ආරක්‍ෂිත කෘමීන් එක්‌රැස් කිරීම යන චෝදනා යටතේ මොවුන්ට විරුද්ධව නුවරඑළිය මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ අද (25 වැනිදා) නඩු පැවරේ.ඊයේ (24 වැනිදා) නුවරඑළිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් දයා නානායක්‌කාර මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබූ මෙම යුවල අද (25 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගතකොට ඇත.වන ජීවී දෙපාර්තමේන්තුවේ හෝටන්තැන්න වන අඩවි ආරක්‍ෂක මනෝ- විද්‍යාරත්න මහතාගේ උපදෙස්‌මත වන සත්ව අඩවි සහකාර සුනිල් ප්‍රේමකුමාර මහතා ප්‍රමුඛ වන සත්ව නියාමකවරුන් වන සරත් කුමාර, එස්. එච්. චන්ද්‍රසේන, ෙ-. එස්. ජයවර්ධන, රුවන් ජයන්ත, චමින්ද සුදසිංහ, ජී. ආර්. ධර්මරත්න යන නිලධාරීන් වැටලීම සිදුකොට ඇත.(News-Divaina, Pic-On net)
No comments:
Post a Comment