Action with a heart Headline Animator

Wednesday, August 25, 2010

හලාවත බිලි පූජාවට දැඩි මහජන විරෝධයක්‌

හලාවත මුන්නේෂ්වරන් කෝවිලේ අද (25 වැනිදා) පැවැත්වීමට නියමිත මහා බිලි පූජාවට මහජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇත.මෙම මහා සත්ව සංහාරයට එරෙහිව සත්‍යග්‍රහයක්‌ අද දින පැවැත්වීමටද ප්‍රදේශයේ භික්‌ෂූන් වහන්සේලා ඇතුළුව සත්ව හිංසන විරෝධී සංවිධාන කටයුතු කරමින් සිටිති.මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සංඝයා වහන්සේලා කිහිපනමක්‌ හලාවත පොලිසියේ පැමිණිල්ලක්‌ද කර ඇති අතර මෙම මහා බිලිපූජාව නතර කිරීමට අධිකරණයේ පිහිට පැතීමටද කටයුතු කරමින් සිටිති.වසරක්‌ පාසා පැවැත්වෙන මෙම මහා බිලි පූජාවට එළුවන් 500 කට අධික ප්‍රමාණයක්‌ සහ කුකුළන් දහස්‌ ගණනක්‌ මරා දැමීමට නියමිතය.සත්ව හිංසාව පිළිකුල් කරන බෞද්ධයන් බහුතරයක්‌ වෙසෙන ශ්‍රී ලංකාවේ ම්ලේච්ඡයන් මෙන් කටයුතු කරමින් මෙවැනි මහා බිලි පූජා පැවැත්වීම ඉතාම පහත් ක්‍රියාවක්‌ බව සත්ව හිංසන විරෝධී සංවිධාන පවසයි.(Divaina)

ශාලාධිපති නිරීක්‍ෂකයකු ලවා තම පුතාට ඉංග්‍රීසි උගන්නලා

උසස්‌ පෙළ විභාග මධ්‍යස්‌ථානයකදී

මහනුවර ප්‍රදේශයේ උසස්‌ පෙළ විභාග මධ්‍යස්‌ථානයක ශාලාධිපතිවරයෙක්‌ සිය පුත්‍රයා විභාග මධ්‍යස්‌ථානයට ගෙන්වා එහි සිටි විභාග නිරීක්‍ෂකයකු ලවා ඉංග්‍රීසි ඉගැන්වීමේ සිද්ධියක්‌ අනාවරණය වී ඇත.උසස්‌ පෙළ සිසුන්ට සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පැවැති පසුගිය 20 වැනිදා සිදු වූ මෙම සිද්ධියට සම්බන්ධ ශාලාධිපතිවරයා සහ නිරීක්‍ෂකයා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවැසීය.ශාලාධිපතිවරයාගේ පුත්‍රයා ලබන දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින අයෙකි. ඔහුට ඉංග්‍රීසි ඉගැන්වීමට විභාග නිරීක්‍ෂකයකු නිදහස්‌ කර ගැනීම සඳහා මෙම ශාලාධිපතිවරයා අපූරු ක්‍රමයක්‌ අනුගමනය කර තිබේ.විභාග දෙපාර්තමේන්තුව උපදෙස්‌ දී ඇත්තේ එක පන්ති කාමරයක්‌ සඳහා විභාග අපේක්‍ෂකයන් විසිදෙනකු පමණක්‌ ඇතුළත් කරන ලෙසය. මෙම ශාලාධිපතිවරයා පන්ති කාමරයකට විභාගාපේක්‍ෂකයන් වැඩි පිරිසක්‌ ඇතුළත් කර සිය පුත්‍රයා වෙනුවෙන් නිරීක්‍ෂකයකු නිදහස්‌ කරගෙන තිබේ. ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා තෝරාගෙන ඇත්තේ ද විභාගාපේක්‍ෂකයන් වෙනුවෙන් සකස්‌ කර තිබූ පන්ති කාමරයකි. මෙහි විශේෂත්වයක්‌ වන්නේ ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා විභාගයට පිළිතුරු ලියන කඩදාසිම භාවිත කිරීමය. මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිපදෙනෙක්‌ එම විභාග මධ්‍යස්‌ථානය අධීක්‍ෂණය කිරීම සඳහා ගොස්‌ සිටි අවස්‌ථාවේ යෑයි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කීවේය.මෙම ශාලාධිපතිවරයා එක්‌ පන්ති කාමරයකට විභාගාපේක්‍ෂකයන් වැඩි පිරිසක්‌ ඇතුළත් කරමින් විභාග නීතිය මුළුමනින්ම උල්ලංඝනය කර ඇතැයි ද බාහිර පුද්ගලයන්ට පැමිණීමට නොහැකි සිය පුත්‍රයා විභාග මධ්‍යස්‌ථානයට ගෙන්වා ගැනීම බරපතල වරදක්‌ යෑයි ද අප කළ විමසුමේදී අනුර එදිරිසිංහ මහතා පැවැසීය. එමෙන්ම පිළිතුරු ලියන කඩදාසි සිය පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීම ද බලවත් වරදක්‌ යෑයි ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම විභාග නිරීක්‍ෂකයා සිය රාජකාරියෙන් බැහැරව පෞද්ගලික කටයුතුවල නිරත වීම නීති විරෝධී යෑයි ද අනුර එදිරිසිංහ මහතා කීවේය.

නිකිණි පොහොය

දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි. බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් තෙකොටසකි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි. භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් කීප අවස්ථාවක පැහැදිලිව දක්වා තිබේ. මේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දවසේ ය.
නිකිණි පොහොය යනු මිනිස්සු තමන්ගේ දෛනික කටයුතු වලින් වෙන් වී තමන් අදහන ආගම දහම අනුව දැහැමි කටයුතු වල යෙදුණු දවස විය. පොහොය දවස පාලියෙන් හඳුන්වන්නේ උපෝසථ නමිනි. උපෝසථය යනු පෙහෙවස් සමාදම් වීමයි. බුදුදහම නොතිබුණු අවධියේ මහාමායා දේවියද පෙහෙවස් සමාදම්ව සිටි බව බුදුසිරිතේ සඳහන් වේ.
එසේ පෙහෙවස් සමාදම් වීමට හා ආගමික කටයුතු කිරීමට යොදා ගත්තේ හොඳින් සඳ පායා ඇති දවසයි. දින දර්ශන ආදිය නොතිබුණු ආදියේ මිනිස්සු පුන්සඳ ඇති දවස මේ සඳහා යොදා ගත්හ. පොහොයේ ආරම්භය එසේ විය. හොඳින් සඳ පායා ඇති රාත්‍රිය රජවරු ද ධර්ම සාකච්ඡා කිරීම සඳහා යොදා ගෙන ඇති බව ජාතක කතා කිහිපයකම සඳහන් වේ. අජාසත්ත, මිලින්ද ආදී රජවරු ද මෙසේ කර ඇත. පසු කාලයක දැනුම දියුණු වී ගණිත ශාස්ත්‍රය පුළුල් වී මාස දොළහක් වී පොහොය දොළහක් වූ බව සිතන්නට ඉඩ තිබේ. පොහොය දොළහ යනු පුන්සඳ ඇති රාත්‍රී දොළහයි.
මේ දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි. බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් තෙකොටසකි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි.
භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් කීප අවස්ථාවක පැහැදිලිව දක්වා තිබේ. මේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දවසේ ය. පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ බුදුරදුන් පිරිනිවී තෙමසිනි. බුදුරදුන් පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක දවසේ ය. එයින් තෙමසකට පසුව කියන්නේ නිකිණි මාසයයි. ඒ අනුව පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොයයි.
එමෙන්ම මේ සංගායනාවට අත්‍යවශ්‍යම පුද්ගලයා වූයේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝයි. ආනන්ද හාමුදුරුවෝ අරහත් මාර්ගයට පිවිසියේ ද නිකිණි පසළොස්වක දවසේ ය. ඒ මගින්ද නිකිණි පොහොය වැදගත් වේ. දඹදිව වර්ෂා සමය තුළ ඉතා තදින් වැස්ස වසී. මෙම වැසි කාලය තුළ කුරුල්ලෝ ද කූඩුවලට වී සිටිති. සිව්පාවෝද තම තමන්ගේ වාසස්ථාන වලට වී සිටිති.
ඇවිදින්නට නොයති. එකල සිටි අන්‍ය තීර්ථකයෝද ගමන් බිමන් නවතා එක් තැන් වී සිටිති. එහෙත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ (භික්‍ෂූහු) දහම් දෙසමින් ඇවිදිති. මේ පිළීබඳව ජනයාගේ විරෝධය විවේචනය පැන නැඟූහ. ඒ බව දත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට වර්ෂා කාලයේ එක් තැන්ව වසන ලෙස නියෝග පැනවූහ. මේ නියමය පනවන්නට මිනිසුන් කෑගහන තෙක් සිටියේ මන්දැයි ඔබ සිතනු ඇත. තාථගතයන් වහන්සේ කිසිම විනය නීතියක් හේතුවක් නැතිව හේතු රහිතව පනවන්නේ නැත. හේතුවක් ඇතිවන තෙක් සිටීම එක් කරුණකි. දෙවැන්න තථාගතයන් වහන්සේ මහජන බසට කන් දීමයි. බුදු සිරිතේ බොහෝ තැන්වල මෙම ප්‍රජාතන්ත්‍රවාදී මාවත පෙනේ. මේ අනුව භික්‍ෂූන් ඇසළ පසළොස්වක දවසේ පොහොය කිරීම නම් වූ විනය කර්මය කොට පසුවදා වස් විසීමට නියම කළහ. වස් විසීමට නියම කිරීමේ, නැතිනම් වස් විසීමේ ශාසනික අංශය මෙයට වඩා බලවත් ය.
වස් විසීමෙන් අදහස් කළේ ධාරානිපාත වැස්සට නොතෙමී සිටීම පමණක් නොවේ. ඒ කාලය තුළ වීර්යය වඩා මාර්ග ඵල ලබා ගැනීමය. වස් විසීමට පෙර එකල භික්‍ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ වෙත පැමිණ කමටහන් ලබාගනිති. උන්වහන්සේ ඒ ඒ අයගේ චරිතයන්ට ගැළපෙන කමටහන් දෙති. මෙසේ කමටහන් ගෙනයන භික්‍ෂූහු වස් කාලය තුළ කමටහන් වඩා සතරමඟ සතර ඵල වලට පැමිණ වස් පවාරණය කොට නැවත භාග්‍යවතුන් වහන්සේ දකින්නට එති. මෙසේ භික්‍ෂු ශාසනය ප්‍රතිවේධ ශාසනයක් වීමේ පසුබිම සකස් වූයේ වස් කාලය තුළ ය.
වස්වැසීම වකවානු දෙකකට සීමාකොට පනවන ලදී. පෙරවස් සහ පසුවස් වශයෙනි. ඇසළ මස පුර පසළොස්වක දිනට පසුදා පෙරවස් විසීමද, පෙරවස් විසීමට නොහැකි වූ භික්‍ෂුවකට නිකිණි පොහොයදා පොහොය කොට ඊට පසුදා පසුවස් විසීමට ද පැනවීය. ඒ අනුව පසුවස් විසීමේ දිනය වශයෙන් ද නිකිණි පොහොය වැදගත් ය.
ඇසළ මාසය දඹදිව කෙළිදෙලෙන් පසුවන උත්සව සමයයි. දුප්පත් පොහොසත් හැම පුරවැසියෙකුම දඹදිව ඇසළ උළෙල සමරති. සුද්ධෝදන රජ පවුලට ද එයට සූදානම් වූ බව සඳහන්ව ඇත. මේ උත්සව සමය නිසා ඇසළ පොහොයට වස් විසීමට තථාගතයන් වහන්සේ නියම කිරීම ගැන සේනිය බිම්බිසාර රජු කැමැත්ත දැක් වූයේ නැත.
එබැවින් වස් සමාදම් වීම මාසයකින් පසු කරන ලෙස බිම්බිසාර රජු බුදු රදුන් වෙතින් ඉල්ලා සිටියේ ය. මේ ඉල්ලීම භික්‍ෂූන්ගෙන් දැනගත් බුදුරදුන් භික්‍ෂූන්ට නියම කළේ ‘රාජා අනුවත්තිතුං’ යනුවෙනි.
රජුගේ කැමැත්ත පරිදි ක්‍රියා කරන්න යනුවෙනි. එසේ භික්‍ෂූන්ට නියම කොට තථාගතයන් වහන්සේ මගධයෙන් සැවැත් නුවරට වැඩමවා තිබේ. මගධයේ භික්‍ෂූන් ඒ අනුව වස් වසා ඇත්තේ නිකිණි මාසයේ ය. පසු කලෙක මෙය වෙනස් වී ඇසළ මාසයම සම්ප්‍රදාය ගත වී ඇති බව පෙනේ. ඒ අතින්ද නිකිණි මස පොහොය අනුස්මරණීය කළ යුතු ය. කාවන්තිස්ස රජු එකසිය තිස් අටක් විහාර කර වූ බවත් එයින් එක් විහාරයක් සේරුවිල මංගල විහාරය බවත් සඳහන් ය. සේරුවිල මංගල චෛත්‍යයේ ධාතු නිධානය හෝ වැඩ අවසන් වී නිකිණි මස සිදු වූ බව සිතන්නට ඉඩ ඇත.
කකුසන්ධ නම් මහ තෙර කෙනෙකුන් විසින් රචනා කරන ලද ධාතු වංශය නම් ග්‍රන්ථයේ (1890) සඳහන් වන්නේ භාග්‍යවතුන් වහන්සේ අතින් තපස්සු භල්ලුක යන වෙළඳුන් දෙදෙනා ලබාගත් කේශධාතු නාග ලෝකයේ තිබුණු බවත්, ශිව නම් මහ රහතන් වහන්සේ නාලොවට ගොස් නාලොවින් ඒ කේශධාතු ගෙනැවිත් කාවන්තිස්ස රජුට දුන් බවයි.
අදත් සේරුවිල මහ උත්සවය පවත්වන්නේ නිකිණි මාසයේ ය. මේ අනුව බුද්ධ ශාසනයට අදාළ ප්‍රතිවේධ, පර්යාප්ති අංශ දෙකටම අයත් සිද්ධීන් කිහිපයක් සිදු වූ මාසයක් පොහොයක් වශයෙන් නිකිණි මාසය වැදගත් වන බව සඳහන් කරනු කැමැත්තෙමි.(Budu Sarana)

ඇසළ පෙරහර නැරඹී‍ම‍‍ට ලක්ෂ තිහකට අධික ජනතාවක් මහනුවර‍ට පැමිණේවි - ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ

ශ්‍රී දළදා සමිඳු උදෙසා වාර්ෂිකව පවත්වන සතර මංගල්‍යයන් අතරෙන් ප්‍රධානතම හා දෙස් විදෙස් ජනතාවගේ වැඩි අවධානයට පත්වන්නේ ඇසළ පෙරහර මංගල්‍යයි. එ පෞරාණික චාරිත්‍රානුකූ®ලව සාර්ථකව පවත්වා අවසන් කිරීමේ භාරදූර වගකීම පැවරෙන්නේ දළදා සමිඳුන්ගේ ගිහිභාරකරු වන දියවඩන නිලමේතුමන් වෙතය. මෙවර ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය :- මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ රටේ සාමය හොඳින් තහවුරු වූ අවස්ථාවකයි. මේ පසුබිම තුළ සුවිශාල ජනසහභාගිත්වක් මෙවර පෙරහර නැරඹීම සදහා අපේක්ෂා කළ හැකියි නේද?
අද වන විට සාමය තවත් තහවුරු වී රට පුරා සාමකාමී වාතාවරණයක් ගොඩනැගී තිබෙනවා. මේ පසුබිම තුළ පෙර වසරවලට වඩා වැඩි ජන සහභාගිත්වයක් මෙවර ඇසළ පෙරහර සඳහා අනිවාර්යෙන් පවතීවි. මෙවර රටවල් රැසක විදේශිකයින් විශාල පිරිසක් පෙරහර දැක බලා ගැනීමට පැමිණෙන බව තහවුරු කර තිබෙනවා. මේ පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව , ප්‍රවාහනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ දැඩි අවධානයක් අප යොමුකළා.
පැමිණෙන ජනතාවත් සමඟ මාර්ග තදබදයක් ඇතිවීමටද ඉඩක් ඇති නිසා ඒ පිළිබඳවද අදාළ අංශ සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සැකසුවා. පෙරහර ආරම්භ කිරීමට ප්‍රථම ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එතුමාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා පෙරහර සාර්ථකව සිදුකිරීම සදහා අවශ්‍යය කටයුතු සලසන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නා. මෙවර පෙරහර නැරඹීම සඳහා ලක්ෂ 30 කට ආසන්න ජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනවා. මේ පැමිණෙන සියලු දෙනාට කිසිදු කරදරයක් හිරිහැරයක් නොමැතිව පෙරහර නරඹන්ට අවස්ථාව ලබාදීම අපේ අරමුණයි.
ප්‍රශ්නය - පසුගිය වසරවල පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සදහා සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. රටේ ස්ථිර සාමයක් ඇතිවී තිබෙන මෙම අවස්ථාවේදීත් පෙර පරිදිම ආරක්ෂක අංශවල සෝදිසි කිරීම් ඇතුළු අනිකුත් ආරක්ෂක ක්‍රියාදාමයන් සිදුවෙනවාද?
පිළිතුර :- ඒ ආකාරයෙන්ම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ජනතාවට පීඩාවක් නොවන ලෙස ආරක්ෂක කටයුතු දියත් කරන ලෙස අපත් අදාළ අංශ මගින් ඉල්ලීම් කළා. මා ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ උපරිම සහයෝගය ආරක්ෂක අංශ වලට ලබාදෙන ලෙසයි.
පසුගිය අවස්ථාවල අපි පෙරහර සංවිධානය කළේ විශාල අවධානයක් සහිතවයි. කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන පෙරහරට එල්ල වෙද්දී තමයි අපි පෙරහර සංවිධානය කළේ.
දරුවෝ පාසලට ගිහින් ආපහු නිවසට එනතෙක් අම්මලා තාත්තලා බියෙන් හිටියේ, කෝච්චියේ , බස් එකේ මිනිස්සු ගමන් ගත්තේ මොන තරම් බියකින්ද? නමුත් යුද්ධය අවසන් වීමෙන් පසු මේ වනතුරුත් එක ලේ බිංදුවක් සොලවන්න.
කොටි ත්‍රස්තවාදින්ට හෝ වෙනත් කිසිදු බලවේගයකට පුළුවන් වුණේ නැහැ. නමුත් යුද්ධය අද නැහැ කියලා පෙරහරේ ආරක්ෂාව ලිහිල් කරන්න අපේ කිසිදු සූදානමක් නැහැ.
ප්‍රශ්නය - පෙරහර නැරඹීමට එන සියලු ජනතාව ජීවිත රක්ෂණයකින් ආවරණය කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මකයි නේද?
පිළිතුර – ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් “ඉරහඳ පවතින තුරු” නමින් මෙම රක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. පෙරහර පවතින කාලසීමාවේ මහනුවර නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් මෙම රක්ෂණ වැඩපිළිවෙළ හරහා රැකවරණයක් සැපයෙනවා. බැතිමතුන්ට යම් අනතුරක් සිදු වුවහොත් යම් වන්දියක් ලබාදීමේ ක්‍රියාවලියක් මේ තුළ අන්තර්ගතයි . එය එසේ වුවත් අපගේ බලාපොරොත්තුව හා ප්‍රාර්ථනය කිසිදු බැතිමතකුට කුඩා සීරීම් තුවාලයක්වත් සිදුවන්න එපා කියලයි.
ප්‍රශ්නය - මෙරට සෑම ප්‍රදේශයකම යම් යම් කාලවල පෙරහර පැවැත්වෙනවා. මේ සියලු පෙරහර අතරින් දෙස් විදෙස් ජනතාවගේ විශේෂ අවධානයට ලක්වන්නේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයි. මේ සුවිශේෂිතාව කුමක්ද?
පිළිතුර – පෞරාණික චාරිත්‍ර ඒ අයුරින්ම රැක ගනිමින් අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ මහනුවර ඇසළ මංගල්‍යය පවත්වනවා. මෙය ඇත්තටම සංස්කෘතික මංගල්‍යයක්. අතීතයේ සිට රාජ රාජ මහාමාත්‍යාදීන් දළදා වහන්සේ ජීවමාන බුදු හාමුදුරුවෝ ලෙස සලකා පුද පූජා පැවැත්වූවා. සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශ ලද වාම ශ්‍රී දන්ත ධාතූ®න් වහන්සේට දක්වන්නා වූ බුද්ධ උපහාරයක් ලෙසත් සිව් මහ දෙවිවරුන්ට කෙරෙන දේව උපහාරයක් ලෙසත් මහනුවර ඇසළ පෙරහර හැඳින්විය හැකියි. දළදා මාළිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සතර මංගල්‍යයන් අතරින් ප්‍රධානතම මංගල්‍යය ඇසළ පෙරහරයි. කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව රටේ සුබ සිද්ධිය ප්‍රාර්ථනය කිරීම පෙරහර පැවැත්වීමේ තවත් එක් අරමුණකි. පෙරහර සාර්ථකව පැවැත්වීම හරහා රට සමෘද්ධිමත් වන බව අපේ පැරැන්නෝ විශ්වාස කළා. මේ පෙරහර හැඩ කරන්න නර්තන ශිල්පීන් දහසක් සමග සම්බන්ධ වෙනවා.අලි ඇතුන් අනූ දෙනෙකු සමග පෙරහරේ ගමන් කරනවා.
ශ්‍රී දළදා මාලිගා පෙරහරත් සිවු දේවාල පෙරහරත් වර්ණවත් කරන්න.
2500 ක පමණ පිරිසක් සහභාගි වෙනවා. මේ ආකාරයේ විචිත්‍රවත් මංගල්‍යයක් ලෝකයේ කොහේවත් දක්නට ලැබෙන්නේ නැහැ. එසේ හෙයින් මහනුවර ඇසළ පෙරහර හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හැදින්වීම කිසිසේත් වරදක් නොවෙයි.
ප්‍රශ්නය - මෙරට ප්‍රධාන පෙළේ ඇතැම් පෙරහර වාණිජ කරණයට හසුවෙමින් තිබෙනවා. මහනුවර ඇසළ පෙරහර පමණක් මින් මුදවා ඉදිරියට පවත්වා ගත හැකිද?
පිළිතුර -මහනුවර ඇසළ පෙරහර කවදාවත් වාණිජකරණයට හසුවී නැහැ. මා ඉන්නාතුරු මෙම පෙරහර එවැනි තත්ත්වයකට ඉදිරියේදී පත්වීමට කිසිදු ඉඩක් නොතබන බව දැඩි වගකීමෙන් යුතුව පවසනවා.
ප්‍රශ්නය - දළදා මාලිගා පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් ඔබ තෝරා ගන්නේ කිසියම් පරීක්‍ෂාවකට ලක්කරලයි. පාරම්පරික කලා ශිල්පීන් පරික්ෂාවට ලක්කිරීම සුදුස යැයි ඔබ කල්පනා කරනවද?
පිළිතුර - පරම්පරාවෙන් පරාවට කලා ශිල්ප රැගෙන එන පිරිස් හා ඔවුන්ගේ හැකියාවන් මා හොඳින් හඳුනනවා. ඔවුන් පිළිබඳ ගැටලුවක් නැහැ. පැරැණි රජ දවසේ පෙරහරට කලා ශිල්පීන් සහභාගි වූයේ ඔවුන්ගේ රාජකාරි කොටසක් ඉටුකරනවා කියන අවංක හැඟීමෙනුයි. ඔවුන් කිසිදු මුදලක් හෝ වෙනත් ප්‍රතිලාභයක් මින් අපේක්ෂා කළේ නැහැ. අද සියල්ල වෙනස් වෙලා. සියල්ල මුදලට වෙනස් වෙලා. සියල්ල මුදලට යටවීම තුළ ඇතැම් පිරිස් කීයක් හරි මුදලක් සොයා ගැනීමේ අරමුණින් නටන්න බැරි අය පවා දමා නර්තන කණ්ඩායම් පෙරහරට ඉදිරිපත් කරනවා. සමහරු කුඩා දරුවන් නැටුම් කණ්ඩායමට සම්බන්ධකර ගෙන ඔවුන්ට ඉතා අඩු මුදලක් දී වැඩි කොටස තමන්ගේ සාක්කුවට දමා ගන්නවා. මේවායින් සිදුවන්නේ පෙරහරේ ගුණාත්මක බව පිරිහීමයි. පාසල් අවධියේදී මම නැටුම් කලාව හැදෑරුවා. ඒ දැනුමත් උපයෝගී කරගෙන පෙරහරට සම්බන්ධ වන සෑම නැටුම් කණ්ඩායමක්ම මා පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට තීරණය කළා. වසර ගණනාවක් තිස්සේ සිදුකළ එම වැඩපිළිවෙළ තුළින් යහපත් ප්‍රතිඵල දැන් උදාවී තිබෙනවා. දළදා මාලිගා පෙරහරේ අද නටන්න බැරි කිසිකෙනෙක් නොයන බව මම වගකීමෙන් කියනවා. පෙරහර වර්ණවත් වීමට නැටුම් කණ්ඩායම් පමණක් තිබුණාට මදි. හොඳ නැටුමක් බිහිවන්නේ ගායනය, වාදනය හා නර්තනය යන අංග එකතු වෙලයි. කණ්ඩායමක් ලෙස ගත් විට වාදනය හොඳට තියෙන්න ඕන. නැටුම් ශිල්පීන්ට නටන්න වගේම ගයන්නත් පුළුවන් වෙන්න ඕන. මම හොයලා බලන්නේ ඒ කරුණුයි.
ප්‍රශ්නය - මෙවර පෙරහර සඳහා ඔබ නවාංගයක් ලෙස පාසල් නර්තන කණ්ඩායමක් පුහුණුකර ඔවුන්ගේ සහභාගිත්වය අඛණ්ඩව පෙරහරට ලබාගැනීමට වැඩපිළිවෙළක් දියත්කළා නේද?
පිළිතුර - මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 52 ක් ඔවුන්ගේ කැමැත්තෙන් අප මේ සඳහා තෝරා ගත්තා. මාස තුනක් තිස්සේ මේ අයට විශේෂ පුහුණුවක් ලබා දී නර්තනයට අවශ්‍යය ඇඳුම් ආයිත්තම් හා වාද්‍ය භාණ්ඩ දළදා මාලිගාවෙන් ලබා දුන්නා. උඩරට සම්ප්‍රදායට අයත් බුලත් පදයත්, කොතල කෙන්ඩි පදයත් ඔවුන්ට පුහුණු කළා. මේ ශාස්ත්‍රීය නර්තනය මෙම සිසුන් මෙවර පෙරහරේ ඉදිරිපත් කරනවා. මෙය පෙරහරට එක්වූ සුවිශේෂී අංගයක්. මේ ළමයි දළදා පෙරහරට පමණයි සම්බන්ධ වෙන්නේ. දිවයිනේ වෙනත් කිසිදු පෙරහරකට මේ අය සහභාගි කරවන්නේ නැහැ.
ප්‍රශ්නය - පෙරහර නැරඹීමට මෙවර අති විශාල ජනතාවක් පැමිණෙනු ඇති බව ඔබ මුලින් පැවසුවා. ඔවුනට පෙරහර පහසුවෙන් නැරඹීම සඳහා අවස්ථාවක් ලබාදීම පිණිස පෙරහර මාර්ග පෙර වසරවලට වඩා දීර්ඝ කිරීමක් මෙවර සිදුවෙනවද?
පිළිතුර - මෙවර විශාල ලෙස පෙරහර මාර්ගයේ වෙනස් කිරීම් සිදුකළා? ප්‍රථම කුඹල් පෙරහර විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙවර ගමන් කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මෙවර පෙරහර නුවර නගරයේ සෑම වීදියකම ගමන් කරනවා යන්න පුළුවන් උපරිම දුරක් ආවරණය වන පරිදි පෙරහර මාර්ග මෙවර දිර්ඝ කළා.
ප්‍රශ්නය - පෙරහර තුළ අලි ඇතුන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. පෙරහරේ සුවිශේෂිතම අංගය වන සා_ාතුක කරඬුව වැඩම වන්නේත් මංගල හස්තිරාජයකු මතිනුයි. කරුණු එසේ වුවත් මේ වන විට පෙරහර සඳහා අලි ඇතුන් සොයා ගැනීම බරපතළ ගැටලුවක් බවට පත්වෙලා නේද?
පිළිතුර – මේ වන විට අපේ රටේ හීලෑ අලි ඇතුන් සිටින්නේ 110 යකට ආසන්න සංඛ්‍යාවක්. මේ අතරින් 60 % කට වඩා වැඩි පිරිසක් වයස්ගත අලියි. සමහරුන්ට වයස නිසාම පෙරහරේ යන්න බැහැ. මේක බරපතළ ගැටලුවක්. ජනාධිපතිතුමාගේත් විශේෂ අවධානය මේ ප්‍රශ්නය වෙත යොමුවී තිබෙනවා. කරඬුව වැඩම කරවීමටත් ඇතුන් කිහිපදෙනයි ඉන්නේ.
මෙවර කරඬුව වැඩමවන්න අප තෝරාගෙන ඉන්නේ ඉන්දිරාජා, නැදුන්ගමුවේ ඇතා, රුහුණු මහ කතරගම දේවාලයට අයත් වාසනා හා වෑවලදෙණියේ රාජා යන ඇත්තු සිව් දෙනයි.
දළදා මාලිගා පෙරහරට ප්‍රශ්නයක් නොවුනත් සතර මහා දේවාලවල දේවාභරණ වැඩමවන්න හස්තීන් සොයාගැනීම බරපතළ ප්‍රශ්නයක්.
ප්‍රශ්නය - පෙරහර හා සම්බන්ධ වාර්තාකරනයේදී මාධ්‍ය මගින් යම් යම් විකෘති කිරීම් කරන බැවින් එය පිළිබඳව අවධානය යොමුවිය යුතු බව ඔබ වරක් පැවසුවා. මේ චෝදනාව කරන්නට ඔබට සිදුවූයේ ඇයි?
පිළිතුර - බොහෝ විට මෙය සිදුවන්නේ විද්‍යුත් මාධ්‍ය මගිනුයි. පෙරහරට සම්බන්ධ ආවේණික වූ වචන මාලාවක් තිබෙනවා. පෙරහර හා බැදුණු ඉතිහාසයක් තිබෙනවා. පෙරහර හා සම්බන්ධ විස්තර විචාරයන්ට පැමිණෙන ඇතැම් විද්වතුන් පෙරහර පිළිබඳව කතා නොකර ඔවුන්ගේ මත ඉදිරිපත් කිරීමට යෑමෙන් තමයි ලොකුම ප්‍රශ්නය ඇති වන්නේ. මෙවර මා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
ප්‍රශ්නය - මහනුවර ඇසළ පෙරහර රාජ්‍යය උත්සවයක් ලෙස ගැසට් කර තිබෙනවා. පෙරහර සාර්ථක කර ගැනීම සඳහා ලැබෙන රජයේ දායකත්වය කෙබඳුද?
පිළිතුර - ආරක්ෂාව, ප්‍රවාහනය, සෞඛ්‍ය පහසුකම්, විදුලිය ආදි පෙරහරට අවශ්‍යය සෑමදේම රජයෙන් ලබාදෙනවා. රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කළ පසු අදාළ පහසුකම් ලබා ගැනීම සඳහා වන නීතිමය පසුබිම සැකසෙනවා. සුරාසැල්, මස්කඩ වැසීම ආදිය සිදුකිරීම සඳහා දිසාපතිවරයාට බලය පැවරෙන්නේ මෙය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කිරීම හරහායි.
ප්‍රශ්නය - පෙරහර සඳහා කොපමණ මුදලක් වාර්ෂිකව වැය කරන්න සිදුවෙනවාද?
පිළිතුර – ඇත්තටම දළදා පෙරහර මිල කරන්න බැහැ. එක් මුදල් ප්‍රමාණයක් වශයෙන් කියනවා නම් දළදා මාලිගාව පමණක් පෙරහරට රුපියල් ලක්ෂ 420 ක පමණ මුදලක් වැයකරනවා. පෙරහර සඳහා කොප්පරා ටොන් 28ක් අවශ්‍ය අතර ඒ සඳහා පමණක් රුපියල් ලක්ෂ 55 ක් වැයවෙනවා. මාලිගාවෙන් වැය කෙරෙන මුදලට අමතරව පොලිස් නිලධාරින්ට , යුද හමුදාවට වැටුප්, ආහාර හා බටා ලෙස රජය අතිවිශාල මුදලක් වැයකරනවා. විදුලිය, ප්‍රවාහනය, ජලය, දුරකතන ආදියට තවත් විශාල මුදලක් වැයවෙනවා. ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයෙන් පවා පෙරහර අවසන් කිරීමේ රාජ්‍ය උත්සවය සදහා මුදල් වෙන්කරනවා . මේ සියල්ල එකතු වුනාම වැයවන මුදල කොපමණද කියලා තේරුම්ගත හැකියි.
ප්‍රශ්නය - පෙරහර විචිත්‍රවත් කරන්නේ උඩරට සම්ප්‍රදායන් ගරුකොට හැදී වැඩුණු කලා ශිල්පීනුයි.පෙරහර කාලයට ඔවුන් පිළිබද කතා කළත් පෙරහර නිමවීමත් සමඟ ඔවුන් සැමට අමතක වෙනවා. මේ ශිල්පීන් රැකගන්න වැඩපිළිවෙළක් තාමත් නැහැ.
පිළිතුර - මේ සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍යයයි ජනාධිපතිතුමා පාරම්පරික කලා ශිල්ප රැක ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ක්‍රියාකරනවා. එයට අමතරව මා දැනට වසර තුනක් තිස්සේ කලාකරුවන් ඇගයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. පෙරහරට සම්බන්ධව දක්‍ෂතා දක්වන හොඳම වෙස් නැට්ටුවා, හොඳම බෙර වාදන ශිල්පියා, තාලං කරු ආදි සැමට මා විශේෂ මුදල් ත්‍යාග පෙරහරින් පසු ලබා දෙනවා. ඒ සදහා රුපියල් ලක්ෂ 15 ක් පමණ වැයවෙනවා.
ප්‍රශ්නය - පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද?
පිළිතුර - විනීතව හැසිරෙන්න . මේක ආගමික උත්සවයක් නිසා ඊට ගැළපෙන ලෙස ඇඳුම අඳින්න. පොලිතින් වැනි දේ රැගෙන ඇවිත් නගරය අපවිත්‍ර කරන්න එපා. හැකිතාක් කලින් පෙරහර වීදිවලට පැමිණ ආරක්ෂක අංශවලට සහාය දෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි. මෙයට අමතරව පෙරහර සමයේ නගරයේ සෑම වීදියකම, වෙළෙඳ සැලක හා නිවසකම බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.(Budu Sarana)

Saudi housemaid tortured with nails

Doctors in Sri Lanka say that they are treating a housemaid in Saudi Arabia to remove nails and steel pins from her body.
Dr. Kamal Weeratunga of Kamburupitiya hopsital told BBC Sandeshaya that the patient NP Ariyawathie, a mother of three informed them that her employer inserted nails and steel pins to her body daily.
"She still can't properly sit down and walk. When we checked her, we found 24 metal pieces in her legs and hands," the surgeon said.
He said that this was the first time that he has come across such a case.
Ms. Ariyawathie had gone through the abuse for over a month.
Dr. Weeratunga added that the patient is still not in a serious condition and they would attempt to remove as many as metal pieces from her body.
Sri Lankan authorities have told journalists in Colombo that an investigation has been launched.
Tens of thousands of Sri Lankan maids work in the Middle East and there are constant reports of them being abused by the employers.(BBC Sinhala)

Asylum seekers challenge detention

A HIGH COURT challenge to the legitimacy of the Christmas Island detention of two asylum seekers could clear the way for every boat person to appeal against their deportation in Australia's highest court.
Two Tamil asylum seekers, known only in the court proceedings as M61 and M69, arrived at Christmas Island in October last year.
They claimed refugee status, saying they faced persecution from the Sri Lankan army, but had their claims rejected by the Immigration Department and then at review.
They challenged the decisions at the High Court and yesterday the case had it's first full day of hearings. A second day of hearings was scheduled today, with a judgment expected to be months away.
The men's instructing solicitor, David Manne, said the case was a challenge to whether it was fair to process asylum seekers away from the mainland. He said the two men faced brutality and possible death if returned to Sri Lanka.
''The government maintains that its decision is devoid of any legal effect on the mainland and that a court cannot look at that decision on these life-and-death matters,'' said Mr Manne, who is the executive director of the Refugee and Immigration Legal Centre.
He said if the case succeeded it could affect others processed offshore. (The Age)

Shavendra to UN

Major General Shevendra Silva has been appointed as Sri Lanka’s Deputy Permanent Representative to the United Nations (UN) in New York and will take up his new post soon, sources at the External Affairs Ministry told Daily Mirror online this evening.Major General Silva’s appointment to the UN comes amidst human rights allegations being raised against the government and the military which resulted in UN Secretary General Ban ki-Moon appointing a panel to advise him on Sri Lanka. Foreign Ministry sources said that after taking over from former Deputy Permanent Representative Bandula Jayasekera, Major General Silva is expected to “clear the air” over the concerns being raised at the UN regarding Sri Lanka and the final stages of the war against the LTTE which ended last year.Major General Shavendra Silva was allegedly among those mentioned by MP Sarath Fonseka in a media interview where he had said that the former 58 Division Commander had received orders to shoot at sight LTTE suspects who came with white flags to surrender to the army during the final stage of war. Fonseka was later indicted in Court over his claims.During the war as the 58 Division Commander, Major General Shavendra Silva was instrumental in the military capturing several former LTTE strongholds including the Mannar rice Bowl, Nachchikuda, Devils Point, Pooneryn, Kilinochchi, Elephant Pass, Vishvamadu and Puthukudirippu. (Daily Mirror online)